
පිළිකා සත්කාරයේ දී පූර්ණ සුවයක් කරා රැගෙන යන මාවත එයයි. ආසිරි AOI හි අපි, අපගේ රෝගීන් සඳහා ලබාදෙන පුළුල් පිළිකා සත්කාරය එහි ඊළඟ මට්ටම කරා රැගෙන යමින් සිටින්නෙමු. පිළිකා ප්‍රතිකාරය බහු-මාත්‍යය සායනික ප්‍රතිකාරයේ සිට රෝගීන් සඳහා අති භාවාත්මක සහායක් ලබාදීම දක්වා වන සංකීර්ණ ක්‍රියාවලියකි. අපගේ සෑම රෝගියෙකු සමඟ මෙන් ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ ද ඉතා සමීපව රැඳී සිටීමට අපි බැඳී සිටිමු. සෑම පියවරකදී ම එකක්නෑර සෑම කරුණක් සම්බන්ධයෙන් ම පිළියම් යොදමින් සහ එකිනෙකාට පෞද්ගලික වන හා කාරුණික වන යෝග්‍ය පිළිකා ප්‍රතිකාර ලබා දෙමින් අපි ඔවුන්ගේ කොටස් කරුවන් බවට පත්වන්නෙමු. ආසිරි AOI හි යථාතථ්‍යය-පෙරදැරි පිළිකා සත්කාරක ආධිපත්‍ය ඇමෙරිකා එක්සත් ජනපදයේ එක් ප්‍රධානතම ඔන්කොලොජි ප්‍රතිකාර ලබා දෙන ආයතනයක් වන පිට්ස්බර්ග් වෛද්‍ය මධ්‍යස්ථාන විශ්ව විද්‍යාලයේ සහයෝගීතා ප්‍රෝටොකෝල මත පදනම්වෙයි. සෑම රෝගියකුටම පෞද්ගලික වන ඒකාබද්ධ සත්කාර ලබා දෙන ආකෘතියක් ආසිරි AOI හි අප සතුවෙයි.
අපගේ පුළුල් පිළිකා සත්කාරක මධ්‍යස්ථානය මඟින් ඉතා උසස් මට්ටමේ රෝග විනිශ්චය PET සේවා සහ ව්‍යාධිවේද සේවා වලින් සවිබල ගැන්වූ විශිෂ්ඨතම වෛද්‍ය, විකිරණ සහ ශල්‍ය ඔන්කොලොජි සත්කාරක ලබා දෙනු ලබයි. එය රෝග විනිශ්චයක හෝ ප්‍රතිකාරක යන කවරක් වුවද, පිළිකා සත්කාරයේ සියළුම අභියෝග වලට මුහුණදීම සඳහා විශේෂඥයින් අප සතු වෙයි. මනා ලෙස පුහුණු කරන ලද සහ කාරැණික සාත්තු සේවක කාර්ය මණ්ඩලයක සහය ලබන බහුවිධ හැකියාවන්ගෙන් හෙබි ඉතා උසස් සුදුසුකම්ලත් සායනික විශේෂඥයන් සමඟ අති විශිෂ්ඨ සේවයක් ලබා දෙමින් පිළිකා සත්කාරයේ පුරෝගාමීන් බවට අපි පත්වී සිටිමු.

බොහෝවිට පිළිකාව තනි රෝගයක් ලෙස දක්නට ලැබෙයි. එය එසේ වුව ද, විවිධ පිළිකා වර්ග 200 ක් පවතින අතර ඒ සෑම එකක්ම මුල්ම අවධියේ හෝ පසු කාලීනව හෝ රෝග විනිශ්චය කර ගත හැකිය. සාර්ථක පිළිකා සත්කාරයකට අවශ්‍ය වන්නේ සහයෝගී බහුවිධ ප්‍රවේශයක් වන අතර එහි දී වෛද්‍ය ඔන්කොවේදීන්, විකිරණ ඔන්කොවේදීන්, ශල්‍ය වෛද්‍යවරුන් එකට එක්ව සහයෝගීතාවයෙන් එක් එක් රෝගියා කළමනාකරණය සඳහා වඩාත්ම යෝග්‍ය ප්‍රෝටකෝලය තීරණය කිරීමයි. බොහෝවිට පිළිකා රෝගීන්ට මෙම ක්ෂේත්‍ර තුනම අන්තර්ගත ප්‍රතිකාර ප්‍රෝටෝකෝලයක් අවශ්‍යවෙයි. ප්‍රතිකාරය ප්‍රමිතිගත සායනික ප්‍රෝටොකෝල සහ හැසිරවීම් මත පදනම්වීම ඉතා වැදගත් වෙයි. මෙම ප්‍රෝටොකෝල වැඩිදියුණු කරනු ලැබ ඇත්තේ දකුණු ආසියාව ඇතුළුව ලෝකය පුරා දහස් ගණනකට ප්‍රකිකාර කිරීමෙන් එකතු කරගත් සාක්ෂි පදනම් කර ගෙනයි.
ආසිරි AOI හි අපි ශ්‍රී ලංකාවේ භාවිතා වන උසස්ම සහ දකුණු ආසියාවේ ක්‍රියාත්මක අතලොස්සක් වන තෙවන පරම්පරාවේ විකිරණ චිකිත්සක රේඛීය ත්වරණ ක්‍රමය දියත්කර ඇත්තෙමු. අපගේ ටියුමර් ප්‍රතිකාරක මණ්ඩලය පිට්ස්බර්ග් වෛද්‍ය මධ්‍යස්ථාන විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පෙළේ විශේෂඥයින්ගෙන් සමන්විත වන අතර එය රටේ මෙම විශේෂඥ සේවා ලබා දීම සඳහා ඇති එකම පිළිකා මධ්‍යස්ථානය යි. අපගේ ඔන්කොවේදීන් සහ ශල්‍ය වෛද්‍යවරුන් අත්දැකීම් සහ සුදුසුකම් අතින් ගත් කළ මෙම ක්ෂේත්‍රයේ සිටින ප්‍රමුඛ පෙළේ අය වෙති. වඩාත්ම වැදගත් කාරණය වන්නේ අපගේ සාත්තු සේවකයෝ සහ අතුරු වෛද්‍ය තාක්ෂණිකයෝ සෑම පිළිකා රෝගියෙකුට මෙන් ම ඔවුන්ගේ පවුල් වලට ද උපකාර කිරීමට කැපවී සිටිති.

ඇමෙරිකානු ඔන්කොලොජි ආයතනය (AOI)
ඇමෙරිකානු ඔන්කොලොජි ආයතනය (AOI) දකුණු ආසියාවට ඔන්කොලොජි සේවා සපයන ප්‍රධාන පෙළේ ආයතනවලින් එකකි. ඇමෙරිකානු ඔන්කොලොජි ආයතනය ආසියානු උප මහාද්වීපයට පිළිකා සත්කාරක එක්සත් ජනපද ප්‍රෝටකෝල හඳුන්වාදීමේ අරමුණ ඇතිව පිට්ස්බර්ග් වෛද්‍ය මධ්‍යස්ථාන විශ්වවිද්‍යාලයේ (UPMC) වසර ගණනාවක පළපුරුද්දක් ඇති ඔන්කොවේදීන් කණ්ඩායමක් විසින් 2006 වර්ෂයේ දී මෙම ආයතනය පිහිටුවා ගන්නා ලදි. 1990 වර්ෂය අග භාගයේ දී පිහිටුවන ලද UPMC පිළිකා මධ්‍යස්ථාන මේ වන විට කේන්ද්‍රීය මධ්‍යස්ථාන ලෙසින් සංවිධානය කරනු ලැබ ඇති අතර 40 කට අධික කලාපීය ප්‍රදේශවල හබ් ඇන්ඩ් ස්පෝක් (hub-and-spoke) ආකෘතිවල 200කට අධික ඔන්කොවේදීන් විසින් නව රෝගීන් 25,000 ක් ද ඇතුළුව රෝගීන් 75,000 කට සත්කාරක සේවා ලබා දෙනු ලබයි. වැඩිදුර කියවන්න