wdisß marjD;a;s

ආසිරි AOI මෙරට පිළිකා ප්‍රතිකාර සේවාව නව යුගයකට ඔසවා තබයි

ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගය ශීඝ‍්‍ර‍යෙන් ඉහල යන අතර දේශීය සෞඛ්‍ය වාර්තා අනුව වාර්ෂිකව රෝගීන් 20,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

සංකීර්ණ මට්ටම් පිළිකා රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර සේවා සඳහා ප්‍රවේශය පුළුල් කරමින් එක්සත් ජනපදය පදනම් කරගත් පිළිකා ප්‍රතිකාර සේවා ජාත්‍යන්තරයේ ප්‍රමුඛ ජාත්‍යන්තර මධ්‍යස්ථානය වන අමෙරිකානු පිළිකා සංගමයේ ද සහයෝගීතාව ඇතිව මෙරට විශාලතම රෝහල් ජාලය වන ආසිරි හොස්පිට්ල්ස් පීඑල්සී විසින් ආරම්භ කර ඇති ආසිරි අමෙරිකානු පිළිකා සංගමය හරහා, ශ්‍රී ලංකාව තුළ පිළිකා ප්‍රතිකාර සහ කළමනාකරණයක් සේවාවේ පරිවර්තනයක් සඳහා මුලපුරා තිබේ.

ආසිරි අමෙරිකානු පිළිකා සංගමයේ (ආසිරි AOI) නවීන පිළිකා ප්‍රතිකාර වැඩසටහන එක්සත් ජනපදයේ ප්‍රමුඛතම පිළිකා ප්‍රතිකාර සේවා සම්පාදකයෙකුවන පීට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හරහා පිහිටුවා තිබීම කැපීපෙනේ. විස්තීර්ණ ප්‍රවේශයක් පිරිනමන උසස් මට්ටමේ සායනික ප්‍රතිකාර සහිත මෙම පිළිකා ප්‍රතිකාර සේවාව පිහිටුවා ඇත්තේ සෑම රෝගීයෙකු හටම පෞද්ගලික මට්ටමේ අවධානයක් සහ සාත්තු සේවාවක් පිරිනැමෙන ආකාරයේ ආකෘතියකින් වීම ද විශේෂත්වයකි.

අති නවීන වෛද්‍ය පහසුකම්වලින් සහ තාක්ෂණයෙන් සමන්විත මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය හරහා නිහඬ ඝාතකයෙකු ලෙස ප්‍රකට පිළිකා රෝගයට එරෙහිව සටන් වැදීමට ආසිරි AOI වෙත අවස්ථාව හිමිවේ. ඒ උසස්ම මට්ටමේ සායනික විශිෂ්ටත්වය සහ සුවපහසු ප්‍රතිකාර අවස්ථා, රෝගී කේන්ද්‍රී පරිසර ආදී ජාත්‍යන්තර පිරිවිතරයන්ට අනුකුලවය.

මෙම මධ්‍යස්ථානයට විවිධ වෛද්‍ය විෂය ධාරාවන්හි විශේෂඥයින් අනුයුක්ත කර තිබේ. ඒ අතරට හොඳින් පුහුණුව ලැබූ සහ මෘදු ගති සහිත හෙද කාර්ය මණ්ඩලයක්, භෞත චිකිත්සකයින් සහ සහායක කාර්ය මණ්ඩලයක් ද උපරිම මානුෂීයත්වයෙන් යුතු උසස් හා විධිමත් සේවාවක් ලබාදීමට ඇප කැප වී හිඳී.

ජාත්‍යන්තර මට්ටමේ මෙම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය පිළිබඳ අදහස් දක්වමින් වෛද්‍ය මංජුල කරුණාරත්න, ප්‍රධාන විධායක නිළධාරි, ආසිරි රෝහල් සමූහය, මෙසේ පැවසීය. "අපි බොහෝදෙනෙක් පිළිකාව නිසා ඇතිවන අවාසනාවන්ත තත්වයන් අත්විඳ තිබෙනවා. ඒ නිසාම මේ මාරාන්තික රෝගයෙන් තොර අනාගතයක් පිළිබඳ අපි නිතර කල්පනා කරනවා. පිළිකා රෝග ප්‍රතිකාර සේවා සඳහා පවතින ප්‍රවේශය වර්ධනය කරගැනීමට නම් විස්තීර්ණ විසඳුම් සහ ඊට සහයෝගිතාව පළකරන පාර්ශවකරුවන් සිටීම අත්‍යවශ්‍යයි. අපට AOI සහයෝගය තුළින් වගේම ආසිරි සතු සුවසේවා විශිෂ්ටත්වයන් ලොව හොඳම පිළිකා ප්‍රතිකාර සේවා පහසුකම් සංකීර්ණය සහ විශේෂඥතාව ශ්‍රී ලංකාවට ගෙනඒමටත් අපට හැකිවී තිබෙනවා."

පිළිකා ප්‍රතිකාර සේවා සඳහා ඇති එළඹුව වෙනස් කරමින් රෝගීන්ගේ ප්‍රතිඵල සහ වර්ධනය පරීක්ෂා කරබැලීමට මෙන්ම ප්‍රතිකාර සැලසුම් සමාලෝචනය කිරීමට සතිපතා නිරීක්ෂණ සැසි පැවැත්වීමට ජාත්‍යන්තර පිළිකා රෝග මණ්ඩලයක් දායක වීම ද මෙහි තවත් විශේෂත්වයකි. එමෙන්ම ආසිරි AOI මෙසේ පිළිකා ප්‍රතිකාර සැලසුම්කරණයට ජාත්‍යන්තර විශේෂඥතා සහාය ලබාගන්නා දකුණු ආසියාවේ එකම මධ්‍යස්ථානය ද විය හැක.

ආසිරි AOI හි මධ්‍යගත විකිරණ තෙරපි ප්‍රතිකාර හරහා සෑම ප්‍රතිකාර සැලසුමක්ම හොඳින් පුහුණුව ලැබූ භෞත චිකිත්සකයින් ලවා අන්තර්ජාතික විශේෂඥයින් කණ්ඩායමක මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ සිදුවන බව තහවුරු කෙරේ. එමඟින් නිරවද්‍ය හා ප්‍රශස්ත විකිරණ සැලසුමක් පිරිනැමීම තහවුරු කෙරේ.

ආසිරි AOI යනු පිළිකා හඳුනාගැනීම සඳහා පෙට් ස්කෑන් සහ සීටී ස්කෑන් යන විධි ක්‍රම දෙකම භාවිතා කරන සහ ප්‍රතිකාර නිරීක්ෂණය කරන ශ්‍රී ලංකාවේ පිහිටි එකම මධ්‍යස්ථානය වේ. එමෙන්ම ඒ ඒ පුද්ගලයාට ගැලපෙන ලෙස වේදනා නාශක භාවිතා කරමින් වේදනාවෙන් මෙන්ම මානසික අසහනයෙන් ද තොරව ප්‍රතිකාර ලබාගැනීමේ පහසුව සලසා දී තිබේ.