wdisß marjD;a;s

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය සිව්වන වසර සම්පූර්ණ කරයි

2014 වසරේදී නැවුම් ව්‍යාපෘතියක් ලෙස ආසිරි රෝහලේ ආරම්භ කෙරුණු මෙරට ප්‍රථම ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය විශේෂයෙන් කුඩා දරුවන්ගේ ජීවිතවලට නැවුම් අපේක්ෂාවන් ලබාදෙමින් සිව්වන වසර පසුගියදා සැමරුවේය.

වසර 50කට අධික කාලයක පටන් ඇට මිදුළු බද්ධ කිරීමේ සාර්ථක ක්‍රමවේද ලොව පුරා ප්‍රකටව තිබුණ ද විශේෂයෙන් තැලසීමියා රෝගයෙන් පීඩා විඳි මෙරට ජනතාවට අවශ්‍ය නවීන පහසුකම් සහ විශේෂඥ දැනුම මෙරට තුළ පැවතියේ සීමිත මට්ටමකය.

තැලසීමියා රෝගීන් හට ජීවීත කාලය පුරාම රුධිර පාරවිලයනය සිදු කළ යුතුය. කෙසේ වෙතත් අඛණ්ඩව රුධිර පාරවිලයනය සිදු කිරීමෙන් යකඩ අධි ප්‍රමාණයවීම, රුධිරය ආශ්‍රිත ආසාත්මිකතා මෙන්ම ජීවිත කාලය සීමිත වීම පවා ඇතිවිය හැකිය.

මෙම අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමින් 2014 වසරේදී ආසිරි රෝහල ඉතාලියේ Cure2Children පදනම සමග එක්ව මෙරට ප්‍රථම ඇට මිදුළු බද්ධ කිරීමේ විශේෂඥ ඒකකය ස්ථාපනය කළේය. රෝගීන් සුවපත් කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ හෙද සහ වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් මෙන්ම රෝගියාගේ අවශ්‍යතාවට අනුව සකස් කරන ලද වෙන්වූ වාට්ටුවකින් ද මෙම ව්‍යාපෘතිය සමන්විත විය.

ආරම්භක අවධියේ දී මෙරට හෙද සහ වෛද්‍ය කණ්ඩායමට ඉතාලියේ Cure2Children පදනමේ වෛද්‍යවරුන්ගේ පුහුණුව හිමිවූ අතර වර්තමානයේදී ද දෙස්-විදෙස් පුහුණුව ඔවුන්ට හිමිවේ. එතැන් පටන් මෙම ඒකකය ඉතා ප්‍රශස්ත ප්‍රගතියක් පිළිබිඹු කරමින් පාරවිලයන 32ක සාර්ථක අගයක් පවත්වා ගැනීමට සමත්ව සිටී.

රක්තවේද විශේෂඥ වෛද්‍ය ලලින්ද්‍ර ගුණරන මහතා මූලිකත්වය දරන ආසිරි ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය තැලසීමියා රෝගීන්ට මෙන්ම ලියුකේමියා, ලයිෆෝමා, මයලෝමා සහ වෙනත් රුධිරය ආශ්‍රිත රෝගවලින් පීඩා විඳින රෝගීන්ට ද නැවුම් බලාපොරොත්තුවක් එක් කරයි. පසුගිය වසර කිහිපය පුරා එම ඒකකය වයස අවුරුදු එකහමාරේ ළදරුවන්ගේ සිට වයස අවුරුදු අසූව ඉක්මවූ වැඩිහිටියන් දක්වා සේවය සලසා ඇත.

"මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම මිදුළු බද්ධ කිරීමේ ඒකකයයි. නවීන තාක්ෂණය සමගින් අපට රෝගීන් හට ආරම්භය පටන් ම ප්‍රතිකාර කිරීමට හැකි වූණා. අපගේ ඒකකෙයන් මුලින් ම ප්‍රතිකාර ලබාගත් දැරියක් මුළුමනින් ම සුව වී මෑතකදී සා/පෙළ විභාගයට ද පෙනී සිටියා" යනුවෙන් වෛද්‍ය ගුණරතන මහතා සඳහන් කළේය.

ඇට මිදුළු බද්ධ කිරීම සඳහා ගැළපෙන දායකයෙකු අවශ්‍යවන අතර ආසිරි රෝහල සතු විදෙස් සබඳතා හේතුවෙන් රෝගියාට ගැළෙපන දානපතියෙකු සොයා ගැනීම සඳහා ආසිරි රෝහල කටයුතු කරයි. ඉන්දියාවේ දැත්‍රි රෙජිස්ට්‍රාර් කාර්යාලය මෙන්ම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ජර්මනිය ආදී රෙජිස්ට්‍රාර් කාර්යාල සමග ද ආසිරි රෝහල එක්ව කටයුතු කරයි.

මෙම ඒකකය වෛද්‍ය උපදේශන කටයුතු නොමිලයේ සිදු කෙරෙන අතර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු, සාමාන්‍ය වෛද්‍යවරයෙකු, ලේ බැංකුවේ විශේෂඥයෙකු, ක්ෂුද්‍ර ජීව විශේෂඥයෙකු, ජ්‍යෙෂ්ඨ හෙදියන් සහ අනෙකුත් සහකාර කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සේවය සියලු ම රෝගීන්ට ලබාගත හැකිය.

"සෑම රෝගියෙක් ම රුධිර පාරවිලයනය අතරතුර ආසන්න වශයෙන් දින 45ක් අපෙගේ ඒකකය තුළ නේවාසිකව රැඳී සිටිනවා. ගලා එන වාතය පිරිපහදු කිරීම සඳහා විශේෂ පීඩන කාමර තුනක් අප සතුයි. ඊට අමතරව, අපගේ පුහුණුව ලත් විශේෂඥයන් විසින් විශේෂ කාමරවල උසස් ම ප්‍රමිතියෙන් යුතු ඖෂධ නිෂ්පාදනය කරනු ලබනවා. රෝගීන්ට ලබාෙදන ආහාර පවා පෝෂණවේදියෙකුගේ අනුදැනුම මත විශේෂයෙන් විෂබීජ හරණයට ලක් කර පිළියළ කෙරනවා" වෛද්‍ය ගුණරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අඛණ්ඩව රෝගියාගේ සුරක්ෂිතතාව සහ සේවා විශිෂ්ටත්වය පවත්වා ගැනීම වෙනුවෙන් ආසිරි ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය ඒකාබද්ධ ජාත්‍යන්තර කොමිසම (JCI) විසින් සහතික කර ඇත.

තවද, එම ඒකකය ආසියා පැසිෆික් රුධිර සහ ඇට මිදුළු බද්ධ කිරීමේ සමූහයේ (APBMT) ද සාමාජිකයෙකි. ආසියා පැසිෆික් කලාපයේ මූලික සායනික පර්ෂයේණ සඳහා දායකත්වය ලබාෙදන එම සමූහය සඳහා ආසිරි ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය ද තමන්ගේ ම සියලු ම රෝගීන්ගේ ප්‍රතිඵල වැඩිදුර පර්ෂයේණ සඳහා එම සමූහයට යොමු කරයි.

තවද මෙම ඒකකය කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාද් වෛද්‍ය ආයතනයේ අනුමැතියට ලක්ව ඇති අතර එහි පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද කටයුතු කරයි.

ඕනෑම මොහොතක රෝගීන්ට උපකාර වීම සඳහා සැදී පැහැදී සිටින හෙද කණ්ඩායම 0766 258941 අංකයෙන් සම්බන්ධ කර ගත හැකිය.