wdisß marjD;a;s

ආසිරි සෙන්ට්‍රල් රෝහල ශ්‍රී ලංකාවේ පළමු ද්විත්ව තල කැතීටරකරණ ඒකකය හඳුන්වාදෙයි

ආසිරි රෝහල සමූහයේ සාමාජිකයෙක් මෙන්ම JCI අනුමැතිය ලත් රෝහලක් වන ආසිරි සෙන්ට්‍රල් රෝහල තම විශිෂ්ට සේවාවත් අසමසම රෝගී ප්‍රතිකාරත් තුළින් මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය ඉහළ තලයකට ඔසවා තැබූ රෝහලකි'

ආසිරි සෙන්ට්‍රල් රෝහල විසින් හඳුන්වා දී ඇති ද්විත්ව තල කැතීටරකරණ ඒකකය (Interventional Radiology Unit), රුධිර වාහිනීවල ඉදිමුම, රුධිර වාහිනී අවහිරවීම හා වෙනත් ස්නායුමය රුධිරවාහිනී තත්ත්වයන් ඉතා නිරවද්‍යව හඳුනාගැනීම සහ ඉන් සමහර තත්ත්වයන්ට සැත්කමකින් තොරව ප්‍රතිකාර කිරීමටත් හැකියාව ලැබී ඇත' මෙම ඒකකය 2013 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්නායු ද්විත්ව තල ඒකකය ලෙස ආරම්භ කිරීමට ආසිරි රෝහල් සමූහය කටයුතු කළේ රුපියල් මිලියන 150ක ආයෝජනයක් තුළිනි'

ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අනුකූල වෙමින් හඳුන්වා දී ඇති මෙම කැතීටරකරණ ඒකකය මගින් රුධිර වාහිනීවල සියුම් දත්ත පුළුල් තිරයක් මත ඉතා නිවැරදිව දර්ශනය කිරීමට ඇති හැකියාව නිසා ඉතා සූක්ෂම ප්‍රතිකාර පවා සාර්ථකව සිදුකිරීමේ හැකියාව ලැබී ඇත'

~~මෙම ඒකකය භාරව කටයුතු කරන්නේ ඉහළ කැපවීමක්, පුහුණුවක් මෙන්ම පළපුරුද්දක් සහිත විකිරණවේදී වෛද්‍ය විශේෂඥයන් දෙදෙනෙකු වන වෛද්‍ය නිහාල් විජයවර්ධන හා වෛද්‍ය ලක්මාලී පරණහේවා විසිනි' ප්‍රතිකාර සඳහා අවශ්‍ය නිර්වින්දන සහාය විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන්ගෙන් ලැබෙන අතර අවශ්‍ය අනෙක් විශේෂඥ සහාය ආඝාත නිවාරණ ඒකකය භාර වෛද්‍ය තුරුල් ආටිගල සහ ස්නායු ශෛල්‍ය ඒකකය භාර ස්නායු ශෛල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා ආදී වෛද්‍යවරුන්ගෙන් නිරතුරුව ලැබේ' ඊට අමතරව පුහුණුවලත් විකිරණවේදීන් හා හෙදියන් කණ්ඩායම් කිහිපයක්ම දින හතේ පැය විසි හතර පුරාම සේවයේ යෙදී සිටිනවා~~ යනුවෙන් වෛද්‍ය ලක්මාලී පරණහේවා මහත්මිය පැවසුවාය'

~~මෙම ඒකකය ලංකාවේ ප්‍රථම ස්නායු ද්විත්ව තල කැතීටරකරණ ඒකකය Neuro Interventional Cath Lab වන අතර මේ වනවිට මෙහි ඉතා සාර්ථක ප්‍රතිඵල සහිතව ප්‍රතිකාර රාශයක් සිදුකර තිබෙනවා~~ ඇය වැඩිදුරටත් පැවසුවාය'

වර්තමානයේදී ප්‍රමුඛතාවක් ලැබෙන්නේ ව්‍යච්ඡේනය අවම වශයෙන් සිදුකරමින් රෝගවලට පිළියම් කිරීමටය' එමගින් රෝගීන්ට පූර්ණ සුවය ලැබීමේ කාලසීමාව අඩු වන අතර අතුරු ප්‍රතිඵල අවම කෙරේ' තවද, එය සම්ප්‍රදායික විවෘත ශල්‍යකර්මයක් වෙනුවට ඉකිළි ප්‍රදේශයේ සිදු කරන සිදුරක් මගින් මෙම ප්‍රතිකාර සිදු කෙරෙන බැවින් රෝගියා ප්‍රකෘති තත්ත්වයට පත් වීමට ගත වන්නේ ඉතා කෙටි කාලයකි'

විශේෂයෙන් රුධිර නාලවල ඉදිමීමක් සහිත රෝගීන් හට ප්‍රතිකාර කිරීමේදී විශාල රෝගීන් ප්‍රමාණයක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලබා ගත් International Subarachnoid Aneurysm (ISAT) විනිශ්චයේ ප්‍රතිඵලවලට අනුව, විවෘත සැත්කමකට වඩා රුධිරවාහිනී ඔස්සේ කැතීටර මාර්ගයෙන් කරන මෙම ප්‍රතිකාරය සුදුසු බව සනාථ වී ඇත'

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නිහාල් විජේවර්ධන මහතා සඳහන් කළේ රුධිර වාහිනියක හට ගන්නා මෙවැනි කැටිති ඉදිමීමෙන් එම රුධිර වාහිනී පැලීමකට ලක් විය හැකි බවය' එය ඉතා බරපතළ තත්ත්වයක් බවත්, එවැනි තත්ත්වයක් හඳුනා ගත් වහාම ඒ සඳහා ප්‍රතිකාර කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි'

~~කොලස්ටරෝල්, අධි රුධිර පීඩනය, දුම් පානය සහ උපතින් එන විවිධ තත්ත්ව හේතුවෙන් මෙවැනි තත්ත්වයන් මතුවිය හැකියි~~ වෛද්‍ය පරණහේවා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය'

ධමනි සහ ශිරාවල විකෘතීන් සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව ද මෙම ඒකකය සතුය' ~~මෙවැනි විකෘති වීම් නිසා සිදුවන පිපිරීම් මගින් මොළයේ රුධිර වහනයන් සිදු විය හැකියි' එවැනි බරපතළ තත්ත්වයන් වුව ද රුධිර වාහිනී තුළ සිදු කරන මෙවැනි ප්‍රතිකාර මගින් සාර්ථකව සුව කළ හැකියි' අප දැනට සිදු කර ඇති ශල්‍යකර්ම මගින් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා~~ වෛද්‍ය පරණහේවා මහත්මිය ප්‍රකාශ කළාය'

ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ද්විත්ව තල කැතීටරකරණ ඒකකය කොඳු ඇට පෙළෙහි රුධිර වාහිනී සංකුලතා සහිත රෝගීන්ට ද ප්‍රතිකාර කිරීමේ හැකියාවෙන් යුතුය' ~~මෙම තත්ත්වයන් හේතුවෙන් එක්තැන්ව සිටි රෝගීන් රැසක් මෙම ප්‍රතිකාරයෙන් අනතුරුව සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු සිදු කර ගත හැකි මට්ටමට පත්ව සිටිනවා~~ වෛද්‍ය විජේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය'

මෙම ද්විත්ව තල කැතීටරකරණ ඒකකය හඳුන්වා දීමේ ප්‍රථම පියවර තැබීමෙන් පසු ආසිරි සෙන්ට්‍රල් රෝහල ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ආඝාත නිවාරණ ඒකකය ආරම්භ කිරීමෙන් ඉතා විශාල සේවයක් රටට ඉටුකර ඇත'

FAST^මුහුණ එල්ලා වැටීම, බාහුවල පණ නැතිවීම, කතා කිරීමේ අපහසුතාව සහ කාලයේ තීරණාත්මක බව& ක්‍රමවේදය තුළින් හඳුනාගන්නා හදිසි අඝාත තත්ත්වය මනාව කළමනාකරණය කරගත හැකි බව වෛද්‍යවරුන්ගේ මතය'

~~මෙවැනි තත්ත්වයන් සඳහා සියලුම ප්‍රතිකාර ක්‍රම කළ හැකි ඒකකයක් දැනට අපේ රටේ ඇත්තේ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ පමණයි' ඒ සඳහා විශේෂයෙන් පුහුණව ලද විශේෂඥ වෛද්‍ය තුරුල් ආටිගල මහතාගේ සේවය ඊට ලැබෙන සියලු පහසුකම් පැවතීම නිසා මෙම රෝගීන්ට වහාම ප්‍රතිකාර කිරීමේ හැකියාව දැන් ලැබී ඇත' මොළයේ සිරවුණු රුධිර කැටිය ඉතා ඉක්මණින් කැතීටරකරණ මගින් ඉවත් කිරීමට හැකියාව පවතින්නේත් අපගේ රෝහලේ පමණයි' මෙම කටයුත්ත අද වනවිට ඉතාම සාර්ථකව සිදුකර තිබෙනවා~~ යනුවෙන් වෛද්‍ය පරණහේවා මහත්මිය පැවසුවාය'

ආඝාතය කියන්නේ තවදුරටත් වයස්ගතවීමත් සමඟ ඇතිවෙන රෝගයක් නොවන අතර රුධිර කැටිය ඉවත් කිරීමට ඖෂධ එන්නත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවට ජනතාව දැනුවත් කිරීම වැදගත්' අවශ්‍ය විටදී රුධිර කැටි ඉවත් කිරීමේ ප්‍රතිකාරය වහාම සිදුකිරීමෙන් රෝගියාගේ ආඝාත තත්ත්වය සම්පූර්ණයෙන් නැවත නිරවද්‍ය කිරීමේ හැකියාව පවතිනවා යනුවෙන් ද වෛද්‍ය විජේවර්ධන මහතා පැවසීය'

මෙම ඒකකය තුළදී අක්මාව, වකුගඩු සහ අනෙක් ස්ථානවල ඇතිවන සමහර රෝග තත්ත්වවලට ශරීරයේ සැත්කමකින් තොරව සාර්ථකව ප්‍රතිකාර කරනු ලැබේ'

විශේෂයෙන්ම අක්මා පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී ශල්‍ය කර්ම මගින් ප්‍රතිකාර කළ නොහැකි රෝගීන්ට නමුත් මෙම ඒකකය තුළින් ඍජුවම පිළිකා සෛල වෙත ප්‍රතිකර්ම ලබාදීමේ හැකියාවක් පවතී' තව ද ආමාංශ - ආන්ත්‍රික රුධිර වහනය සම්බන්ධයෙන් ද කැතීටරකරණ මගින් ප්‍රතිකාර ලබාදීමේ හැකියාව ඇත'