wdisß marjD;a;s

ආසිරි රෝහලේ ස්නායු සහ කශේරුකා මධ්‍යස්ථානය දස හැවිරිදි දරුවෙකුට යළි ජීවිතය තිළිණ කරයි

2016 ජූනි 02, කොළඹ: ආසිරි සෙන්ට‍්‍රල් රෝහලේ ස්නායු සහ කශේරුකා මධ්‍යස්ථානය යනු ස්නායු රෝග හඳුනාගැනීමේ හා ප‍්‍රතිකාර කිරීමේ විශේෂඥභාවය සම්බන්ධයෙන් මෙරට විශාල පිළිගැනීමක් හිමිකරගෙන ඇති මධ්‍යස්ථානයකි. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මෑතකාලයේ වාර්තා වූ ඉතාමත් සංවේදී පුවතකට පසුබිම් වූ දරුවෙකුට සාර්ථක ලෙස ප‍්‍රතිකාර කරමින් නව බලාපොරොත්තුවක් තිළිණ කිරීමට එම මධ්‍යස්ථානය මෑතකදී සමත් විය.

ඇඹිලිපිටිය පදිංචි දස හැවිරිදි ඩබ්ලිව්.. ඞී. එස්. කේ. නෙත්මිණ දරුවා පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ සමත්කම් පෙන්වූ, ඉගෙනුමට සමත් දරුවෙකි. පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන් 9 වන ස්ථානය හිමිකරගත් ඔහු කොළඹ ජනප‍්‍රිය පාසලකට ඇතුළුවීමේ බලාපොරොත්තුවෙන් සිටියේ ය. එහෙත් 2015 ඔක්තෝබර් මාසයේදී සිදුවූ හදිසි රථවාහන අනතුරක් නිසා ඔහුගේ ඒ අපේක්ෂාවන් සුනුවිසුණු වී ගියේ සිහිනෙන්වත් නොසිතූ අයුරිනි. මෙම අනතුරෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහුගේ මොළයේ බරපතල තුවාල සිදුවිය.

මෙම දරුවා සම්බන්ධයෙන් මුලින් RTA තත්ත්වයක් වාර්තා වූ අතර Frontal Fracture සහ Foreign Bodies සඳහා ඔහු කොළඹ ජාතික රෝහලේදී ප‍්‍රතිකාර ලැබී ය. ඉන් පසුව ඔහුගේ CFS කාන්දුවක් වාර්තා වී ඇති අතර ඒ සඳහාද අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදී තිබේ. සතියකින් අනතුරුව ඔහුට රෝහලෙන් පිටවී යාමට අවසර ලැබුණු නමුත් යළිත් සංකූලතා මතුවූ නිසා ඔහුගේ දෙමාපියෝ ඔහුව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කළහ. ඉන් අනතුරුව දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය වෙත මාරු කරන ලදි. ඔහුට Meningitis සහSubdural Empyema තත්ත්වයක් ඇති බවට එහිදී රෝග නිශ්චය කෙරුණු අතර ඒ සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේදී සැත්කම් කිහිපයක් සිදුකෙරිණි. රෝහලෙන් පිටවී යන මොහොතේදී ඔහු ප‍්‍රතිචාර නොදක්වන තත්ත්වයක සිට ඇති අතර අංග චලනය කිරීමේ හැකියාවක්ද තිබී නැත.

මෙම තත්ත්වය යටතේ දරුවා ආසිරි සෙන්ට‍්‍රල් රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර දරුවාට වහාම ශල්‍යකර්මයක් සිදුකළ යුතු වූ බැවින් එම රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා සහ ඔහුගේ කණ්ඩායම වහාම දරුවාට අවශ්‍ය ප‍්‍රතිකර්ම ලබාදීමට පියවර ගත්හ. දරුවාගේ Right Frontal කොටසේ විශාල Cyst එකක් සමග තදබල Hydrocephalous තත්ත්වයක් ඇති බව ස්නායු සහ කශේරුකා මධ්‍යස්ථානයේ දී සිදුකළ CT ස්කෑන් පරීක්ෂණ මගින් අනාවරණය විය. ඒ නිසා දරුවාට Right frontal Craniotomy, Cyst Decompression සහ Programmable VP Shunt insertion යන ප‍්‍රතිකාර ක‍්‍රමවේද සිදුකරන ලදි. එතැන් සිට දරුවාගේ තත්ත්වයේ විශාල ප‍්‍රගතියක් දක්නට ලැබුණු අතර දරුවා අංග චලනය සිදුකිරීම සහ ප‍්‍රතිචාර දැක්වීම ආරම්භ කළේ ය. නෙත්මිණ දරුවාගේ වාසනාවට වෛද්‍යවරුන්, රෝහල සහ තවත් බොහෝ දෙනෙකු ඔහුට කරන ලද ප‍්‍රතිකාර ක‍්‍රම රැුසක් සඳහා වියහියදම් දැරීමට භාරගත් අතර ඇතැම් ප‍්‍රතිකර්ම හා සත්කාර නොමිලයේ සිදුකරන ලදි.

ආසිරි රෝහලේ ස්නායු සහ කශේරුකා මධ්‍යස්ථානය පිළිබඳව

ආසිරි රෝහලේ ස්නායු සහ කශේරුකා මධ්‍යස්ථානය යනු ජාත්‍යන්තර තලයේ නවීන උපකරණ, උපාංග හා තාක්ෂණයන්ගෙන් සමන්විත ස්නායු වෛද්‍ය මධ්‍යස්ථානයකි. ශ‍්‍රී ලංකාවේ ස්නායු විද්‍යාවන් සම්බන්ධ සියලූ පහසුකම් එක්තැන් කළ එකම මධ්‍යස්ථානය එයයි. මෙරට විශිෂ්ටතම උපදේශක ස්නායු ශල්‍ය වෛද්‍යවරු, ස්නායු විශේෂඥ වෛද්‍යවරු, විශේෂඥ ආඝාත ප‍්‍රතිකාර වෛද්‍යවරු සහ විකිරණවේදීහු මෙම මධ්‍යස්ථානයේ සේවය කරති. බහු පාර්ශ්වීය ප‍්‍රවේශයක් ලෙසින් මෙහිදී රෝගීන්ට ප‍්‍රතිකාර සිදුකෙරෙන අතර එමගින් ඔවුන්ට ලැබිය හැකි විශිෂ්ටතම ප‍්‍රතිකාරය ලැබෙන බවට සහතික වේ. මෙම ප‍්‍රතිකාර ඉහළම ප‍්‍රමිතීන් යටතේ උපරිම සායනික සුරක්ෂිතතාවෙන් යුතුව පිරිනැමීමටද මධ්‍යස්ථානය සෑමවිටම කටයුතු කරයි.

ආසිරි සෙන්ට‍්‍රල් රෝහල පිළිබඳව

ද සෙන්ට‍්‍රල් රෝහල යනු මෙරට දියුණුතම වෛද්‍ය තාක්ෂණයන්ගෙන් සමන්විත ජාත්‍යන්තර තලයේ ප‍්‍රතිකාර සේවාවන් ලබාදෙන ප‍්‍රමුඛ පෙළේ රෝහලකි. එය මෑතකදී ආසිරි රෝහල් සමූහයේ ප‍්‍රධාතම රෝහල වශයෙන් එම සමූහයට එක්විය. මහල් 14 කින් යුත්, අංශ රාශියක් යටතේ ප‍්‍රතිකාර සේවා ලබාදෙන මෙම රෝහල අංක 114 නොරිස් කැනල් පාර කොළඹ 10 යන ස්ථානයේ පිහිටා තිබේ. සාමාන්‍ය වෛද්‍ය ප‍්‍රතිකාරවල සිට සංකීර්ණ සැත්කම් දක්වා ඕනෑම ආකාරයේ වෛද්‍ය සේවාවක් ලබාදීම සඳහා සුදුසුකම් ලත් හා අත්දැකීම් බහුල විශේෂඥ වෛද්‍යවරු එම රෝහලේ සේවයේ යෙදී සිටිති. එමෙන්ම එම වෛද්‍යවරුන්ට සහය දීම සඳහා සෑමවිටම සූදානමින් සිටින, හොඳින් පුහුණුව ලත්, උද්යෝගීමත් හා සුහදශීලී වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක්ද ආසිරි සෙන්ට‍්‍රල් රෝහල සතු ය.